Monday, July 25, 2011

.

යොසිමුරා චීන අනාගතයට බපපෑම් කරයි


ඉන්දියාවේ නවදිල්ලි නුවර ත්‍යාගරාජ් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති 17 වන ආසියාතික කණිෂ්ඨ මේස පන්දු සූරතාවලියේ දී ප්‍රංශයේ ක්‍රවුන් සූරතාවය දිනා ගනිමින් ලෝක අවධානය දිනා ගත් ජපානයේ යොසිමුරා මහරු පිරිමි කේවල සූරයා වන්නට සමත් වුණා.ආසියාවේ මේස පන්දු ර්‍කිඩාවේ රජවරුන් මෙන් වැජඹෙන චීන අභියෝගය ඉදිරියේ නොසැලුණු මෙම ජපන් ගැටවරයා අවසන් පූර්ව තරගයට පිවිසි ක්‍රීඩකයන් අතරේ චීන ජාතිකයෙකු නොවන එකම ක්‍රීඩකයා වූවා.ඔහු ඒ ප්‍රවේශය ජයග්‍රහණයෙන් කෙළවර කරමින් අවසන් තරගයේ දී යින් හැන්ග් වට 5-1 ලෙස පරාජයට පත් කළා.


නමුත් කේවල සූරතාවයෙන් නොනැවතී යොසිමුරා යුගල සූරතාවය සදහා අසුකා සකායි සමග ගත් උත්සාහය දිය කර දමන්නට චීනයේ ලිම් හම්සුවාන් සහ වූ ජියාජි සමත් වුණා.නමුත් චීනය විසින් නතු කර ගෙන සිටි ආසියාවේ සහ ලෝකයේ මේස පන්දු ආධිපත්‍යයට මේ ජපන් ක්‍රීඩකයා එල්ල කරන අභියෝගය හමුවේ චීනය විසින් සිය ගාම්භීරත්වය රැක ගැනීමට ගත යුතු ක්‍රියා මාර්ග හෙට තව දුරටත් මේස පන්දු ක්‍රීඩාවේ ආකර්ශණය සහ ක්‍රීඩා රටාවේ සුවිශේෂීත්වය ඉහළ යනු ඇතැයි සිතිය හැකියි.


කෙසේ හෝ කාන්තා අංශයේ දී සුපුරුදු පරිදිම චීන බලය සුරක්සිත වුණ අතර ෂූ යුලින්ග් චීනයේම ෂාඕ යාන් පරදවා වට 5-1 ලෙස කාන්තා සූරතාවයට හිමිකම් කීවා.එතෙකින් නොනැවතුණු ෂූ යූලින්ග් යුගල සූරතාවයට ද ගු යුමින් සමග හිමිකම් කී අතර එහිදී ද ෂූ පරාජය කරන්නට ෂාඕ යාන්, ගු රොචින් සමග එක්ව ගත් උත්සාහය ව්‍යර්ථ වුණා.


මෙහිදී ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ බාලක සහ බාලිකා අංශ සදහා කණ්ඩායම් සහභාගි කළ අතර බාලක අංශයේදී 12 වන ස්ථානයත් බාලිකා අංශයේ දී 10 වන ස්තානයත් දිනා ගන්නට හැකි වුණා.සත්කාරක ඉන්දියාව මෙම තරගාවලිය තුළ සත්කාරකත්වය ඉක්මවා කැපී පෙණුන අතර මෙම තරගාවලියට සමගිමීව ක්‍රියාත්මක වුණ කැඩෙට් තරගාවලියේ දී ඉන්දියාවේ අභිෂේක් යාදෙව් ලෝකඩ පදක්කමකට හිමිකම් කිවා.

Tue, Jul 26, 2011 at 5:53 AM